නිවසක ත්‍රිපුද්ගල ඝාතනයක්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ ධනදිහ් ගම්මානයේ මෙම ඝාතනය සිදු ව ඇති අතර; සිදුවීමෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ ජීවත් වූ පියෙකු සහ ඔහුගේ දියණියන් දෙදෙනායි.

එම පවුලේ මියගිය එක් දියණියකගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදු කරන ලද බවට පොලිස් විමර්ශනවලින් හෙළි ව තිබෙනවා.

මෙම පවුලේ සිව්දෙනෙකු ජීවත් ව සිට ඇති අතර; මියගිය පිරිමි පුද්ගලයාගේ (පියා) බිරිඳට ද ඝාතකය පහර දී ඇති අතර ඇය බරපතළ තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබනවා.

මියගිය තාරකේෂ්වර් සිංගේ බිරිඳ පොලිසියට පැවසූ කරුණු සමග සුධන්ෂු කුමාර් නොහොත් රොෂාන් සහ අන්කිත් කුමාර් යන සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඒ ඝාතනය සිදු ව පැයක් ඉක්මවීමට මත්තෙන්.

මෙම ඝාතකයා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් සිදු වූ දරුණු කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මරණ සිදු ව ඇති බවත් හෙළි ව තිබෙනවා.

සරන් පොලිසිය සඳහන් කළේ මෙම ඝාතන ඊයේ (16) රාත්‍රී කාලයේ දී මියගිය පිරිසගේ නිවසේ දී සිදු ව ඇති බවයි.

මෙම ඝාතන සඳහා යොදාගත් පිහිය ද එම ස්ථානයේ තිබී සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14