නිවසක අභිරහස් කාන්තා මරණ දෙකක්

ඇල්පිටිය – ඕමත්ත ප්‍රදේශයේ නිවසකින් සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ 70 සහ 86 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවටයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනා ඥාතීන් බවටයි අනාවරණ වී ඇත්තේ.

ගෙල සිරකිරීමෙන් මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බව පරීක්ෂණ සිදු කරන ඇල්පිටිය පොලිසිය සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාවන් දෙදෙනා පදිංචි නිවස පාළු ස්ථානයක පිහිටා ඇති බවද පොලිසිය සඳහන් කළා.