නිවසක් බිඳ කෝටි ගණනක සුද්දයක් දුන් කතුන් තිදෙනෙක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට

දේපළ සොරකමක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකාරියන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකාරියක් සහ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධරීන් විසින් ඊයේ (06) මෙම සැකකාරියන් සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය ජූලි 18 වන දින නිවසක් බිඳ රුපියල් එක්කෝටි හතළිස් එක්ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ, අනුව ඊයේ (06) දෙහිවල ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු හා හැටන් පතන ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී මොවුන් විසින් සොරකම් කරන ලද රන් කරාඹු ජෝඩු 08ක්, රන් පෙන්ඩන් 04ක්, වළලු 01ක්, රන්මාල 10ක්, අත් පළඳනා 01ක්, රන්මුදු 02ක් ඇතුලු දේපළ පොලිස් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකාරියන් අවුරුදු 28, 46, 53 වයස්වල හා සැකකරු 28 වන වියේ පසුවන හැටන්, පතන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14