මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ දී නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකුට, අසල්වැසියෙක් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
මංකොල්ලයට පැමිණි අනෙක් කොල්ලකරුවන් දෙදෙනා සිද්ධියෙන් පසු පළාගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.













