නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැවති දැඩි වර්ෂාවත් සමග නිවස ආසන්නයේ පිහිටි පද් කන්ද නායයෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 16 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයෙක් සහ සහෝදරියක්.

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ මෙම නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර ඒ මියගිය දෙදෙනාගේ මව පියා සහ තවත් සහෝදරයෙක්.

වර්ෂාව හමුවේ පස් කන්දත් සමග ගලක් මෙම නිවසට කඩා වැටී ඇතැයි සඳහන්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් කන්දට යටවූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර මව පියා දැරියන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් මුදාගෙන ජම්බුගස්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී එක් දැරියක් සහ පිරිමි දරුවා මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලබා සිටි අනක් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත්තේ පේරාදෙණිය රෝහලටයි.

මෙම අනතුරින් මවට සහ පියාට කිසිදු හානියක් සිදුවී නැහැ. මියගිය දෙදෙනාගේ මෘත ශරීර රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38