spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැවති දැඩි වර්ෂාවත් සමග නිවස ආසන්නයේ පිහිටි පද් කන්ද නායයෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 16 වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයෙක් සහ සහෝදරියක්.

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ මෙම නිවසේ පස්දෙනෙකු සිට ඇති අතර ඒ මියගිය දෙදෙනාගේ මව පියා සහ තවත් සහෝදරයෙක්.

වර්ෂාව හමුවේ පස් කන්දත් සමග ගලක් මෙම නිවසට කඩා වැටී ඇතැයි සඳහන්.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් කන්දට යටවූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර මව පියා දැරියන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් මුදාගෙන ජම්බුගස්පිටිය රෝහලට ඇතුලත් කිරීමේදී එක් දැරියක් සහ පිරිමි දරුවා මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලබා සිටි අනක් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත්තේ පේරාදෙණිය රෝහලටයි.

මෙම අනතුරින් මවට සහ පියාට කිසිදු හානියක් සිදුවී නැහැ. මියගිය දෙදෙනාගේ මෘත ශරීර රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?