නිවසකට අද අලුයම එල්ල වූ වෙඩි වරුසාව (වීඩියෝ)

දොඩංගොඩ – විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ නිවසෙහි ජනේල වෙත වෙඩි ප්‍රහාර 04ක් එල්ල වී ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදු කරන අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද සහායට කැඳවා තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවන් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.