නිල සංචාරය නිමා කරමින් මෝදි තමිල්නාඩුව බලා පිටත්ව යයි

තෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) පෙරවරුවේ දිවයිනෙන් පිටව ගියා.

ඒ, අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත්ව ගිය බවයි තොරතුරු වාර්තා වුණේ.

තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවයි දිවයිනෙන් පිටතව යෑමට පෙර සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් මෝදි සඳහන් කළේ.

එමෙන්ම ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා මෙම සංචාරය තුළ නැවත තහවුරු කර ඇති අතර, එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ ඉදිකළ ඉන්දියාවේ පළමු සිරස් එසවුම් දුම්රිය මුහුදු පාලම විවෘත කිරීමට මෝදී අග්‍රාමාත්‍යවරයා අද (06) පස්වරුවේ එක්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30