ජනාධිපති අනුර කුමාර දිසානායක තුන් දින නිල සංචාරයක් සඳහා අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාලේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් මෙම නිල සංචාරය සඳහා එක්ව සිටින බවයි වාර්තා වුණේ.
ඔවුන් අද (28) උදෑසන 07.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 101 දරණ ගුවන් යානයෙන් මාලේ නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.










