නිල නිවස භාරදෙන්න චන්ද්‍රිකා මාස දෙකක් කල් ඉල්ලයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක වුවද තම නිළ නිවස භාර දීමට දෙමසක කාලයක් යනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

නව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඇගේ අදහස් විමසමින් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඇය පවසා ඇත්තේ කොළඹ නගරයේ තමාට පදිංචි වීම සඳහා වෙනත් නිවසක් සොයාගත් නමුත් එය තවමත් අළුත් වැඩියාවෙමින් පවතින බවයි .

රජයේ නිවසක පදිංචි වී සිටින ඕනෑම අයෙකුට ඉවත්වීමට පෙර මාස තුනක දැනුම්දීමක් ලබා දිය යුතු බව රෙගුලාසිවලට අනුව සඳහන් වන බවත්, මේ සම්බන්ධයෙන් තමාට මෙතෙක් දැනුම් දී නොමැති බවත් ඇය පැවසුවා.

සිය නිල නිවසේ මාස දෙකකට වඩා කාලයාක් රැඳී සිටීමට අදහස් නොකරන බවත්, නව නිවසේ සිදුවෙමින් පවතින අළුත් වැඩියා ඊට පෙර නිමවුවහොත් මාස දෙකක් ගතවීමට ප්‍රථම නිල නිවස භාර දිය හකි බවත් ඇය සඳහන් කළා.

සති තුනකට පෙර සිදුවූ ඇද වැටීමකින් පසු උකුල් ඇටය ආශ්‍රිත ශල්‍යකර්මයකින් තමා සුවය ලබමින් සිටින බවත්, මේ වන විට උඩුමහලෙන් පවා පහළට යාමට නොහැකි තත්ත්වයක සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ වන විට පදිංචිව සිටින නිල නිවසේ ඉතිරි ජීවිත කාලයම රජය විසින් තක්සේරු කරන ලද කුලී මුදලක් ගෙවමින් පදිංචිව සිටීමට අවසර ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කළ නමුත් එම ලිපිය ප්‍රතික්ෂේපවූ බවද ඇය සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ මේ වන විට විශ්‍රාම ගොස් සිටින ජනාධිපතිවරුන් පස් දෙනාගෙන් වත්මන් රජය විසින් පරීක්ෂණ නොකළ එකම තැනැත්තිය තමා බවද සඳහන් කළ බව ඇය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14