නිලුෂි පවන්‍යා ආදරය ගැන කතා කරයි

එක එක අලුත් විලාසිතා නිසා බොහෝ දෙනෙක්ගේ අවදානය ගත් රංගන ශිල්පිණියක් තමයි නිලුෂි පවන්‍යා කියන්නේ. මේ දිනවල ඇය දිවිතුරා නාට්‍ය එක්ක එකතු වෙනවා. වින්ඩිගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. ඒ චරිතය නිසාත් බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් අරගෙන. ඒ නිසාම ඇයගේ ජිවිතේ අලුත් තොරතුරු මොනවාද කියලා දැනගන්න ඇයව අපිත් එක්ක කතාබහකට එකතු කරගත්තා. මේ ඇය ගැනයි.

කොරෝනා වසංගත තත්වය එක්ක කාර්ය බහුලකමෙන් මිදිලද ඉන්නේ, කොහොමද ජිවිතේ නිලුෂි..?

මේ දවස්වල මගේ ජිවිතේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙන්නේ දිවිතුරා නාට්‍යයේ වැඩත් එක්ක තමයි. ජිවිතේ හොඳයි. සතුටින් නිදහසේ ජිවත් වෙනවා.

 

වින්ඩි කරන කියන දේවල් ඇතැම් අය ඇත්ත කියලා විශ්වාස කරන අවස්ථාත් ඇති නේද..?

මාව දැකලා කතා කරන රසිකයින් වගේම හිතවත් අය මගෙන් අහනවා ඔය කතාවේ යන ඒවා ඇත්තටම වෙන ඒවා නේද කියලා. මම ඉතින් කියනවා නැහැ පිටපතේ තියෙන ඒවා තමයි අපිට රඟපාන්න තියෙන්නේ කියලා. අපි රඟපාන ඒවා ඇත්ත කියලා හිතන අය නැතුවම නෙමෙයි. එහෙම හිතාගෙන ප්‍රතිචාර දක්වන අයත් ඉන්නවා.

 

ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී අක්කා මුණ ගැහුණු වෙලාවක මට කිව්වා නාට්‍යයේ තියෙන ඒවා අපේ ඇත්ත ජිවිතේ කියලා ජනතාව හිතනවත් ඇති කියලා මොනවාද මේ රඟපාන්නේ කියලා මට විහිළු කළා.

 

මේ දවස්වල ඔබ ඔබට වඩා වයසින් වැඩි කෙනෙකුට ආදරේ කරනවා නේද..?

ඔව් ඔව්. ඒ වින්ඩි. අගස්තිට ආදරේ කරනවනේ. එයා මට වඩා ටිකක් වයසින් වැඩිමහල්. හැමෝම මගෙන් අහනවා ඇයි වයසක කෙනෙකුට ආදරේ කරන්නේ කියලා, සමහර මගේ යාළුවො මම එයාගේ අතින් අල්ලනවටවත් කැමති නැහැ. හරියට මම ඇත්ත ජිවිතේ එයාට ආදරේ කරනවා වගේ තමයි මට ප්‍රතිචාර ලැබෙන්නේ. මට හිතෙනවා ඒ තරමටම වින්ඩි ජනතාවට සමීප වෙලා කියලා. මම නිතරම කියනවනේ මගේ හොඳ අගා කියලා. පොඩි ළමයින්ගේ කැමතිම වචනේ ඒක වෙලා. ඒ ගැන සතුටුයි ඉතින්.

 

අගස්තිගේ බිරිඳ ඔබ ඔහුත් එක්ක ගනුදෙනු කරනවා දකිනවත් ඇති, ඇයගේ ප්‍රතිචාර කොහොමද, හෙක්ටර් කියන්නේ රංගනය අලුත් මුහුණක්, ඔහුත් එක්ක රඟපාන්න අමාරු නැද්ද..?

වින්ඩි කියන චරිතය මම රඟපෑ හැම චරිතයකටම වඩා ගොඩක් වෙනස්. මම කතා කරන ශෛලිය පවා වෙනස්. මටත් ඒ චරිතයට අනුගත වෙන්න ටික දවසක් ගියා. ඒ දේ හරියට කරගන්න අධ්‍යක්ෂක චාමර අයියා උදව් කළා. හෙක්ටර් අයියා රංගනයට අලුත්. නමුත් ඔහු හරිම නිහතමානි කෙනෙක්. වැඩ කරන්න අමාරු නැහැ. තේරුම් ගැනීම තියෙන නිසා පහසුවෙන් ඔහුත් එක්ක කැමරාව ඉස්සරහ ගනුදෙනු කරන්න පුළුවන් වුනා. එයාගේ බිරිඳත් එහෙමයි. එයත් එනවා ලොකේෂන් එකට. අපිත් එක්ක හරි එකතුයි. එහෙම වෙනසක් නැහැ.

 

ඇත්ත ජීවිතයේදී ඔබට වඩා ගොඩක් වයසින් වැඩි කෙනෙකුට ආදරේ කරන්න සිදු වුනොත්..?

ආදරේ විවාහය ගැන හිතපු කාලෙක මම හිතාගෙන හිටියේ මට වඩා අවුරුදු පහ හයක කෙනෙක්ට තමයි ආදරේ කරන්න ඕන කියලා . නමුත් මේ චරිතය නිසා එහෙම යෝජනා නම් තවම ඇවිත් නැහැ. ඒ වගේ යෝජනාවක් ආව දවසටම තමයි ඒ ගැන හිතන්න වෙන්නේ. දැන්ම අදහසක් කියන්න තේරෙන්නේ නැහැ.

 

අලුත් නිර්මාණවලින් දැකගන්න පුළුවන්ද..?

ඉදිරියේදී මම සම්බන්ධ වුනු නාට්‍ය දෙකක් විකාශය වෙන්න තියෙනවා. ඒවායින් දැකගන්න පුළුවන්.

 

නර්තනය ගැන කිව්වොත්..?

මම ඉගෙන ගත්තේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ. ඒ කාලේ නිතරම නර්තනයේ යෙදුනා. මම හිරු ඩාන්සින් ස්ටාර් තරගයේ 14 වෙනකල් ආවා. ඊට පස්සේ නර්තනයට යොමු වෙන්න බැරි වුනා. දැන් තියෙන වැඩ කටයුතු එක්ක. නමුත් මේ කොරෝනා කාලේ ඉවර වුනාට පස්සේ ඩාන්සින් කවර් එකක් කරන්න ඉන්නේ.

 

දැන් පෙම්වතියක්ද..?

තවම නැහැ

 

පෙම්වතෙක් නැහැ කියලා කියන්නේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා හිතලද..?

නැහැ. පෙම්වතෙක් නැති නිසා. මමත් ආදරේ කරලා තියෙනවා. නමුත් මම කාගෙන්වත් බුට් නම් කාලා නැහැ. තෙරු ගැනීම් නැතිකම හා ඇතැම් නොගැලපීම් එක්ක කතා කරලා වෙන් වුනා මිසක. තව ටික කාලයක් නිදහසේ ජිවත් වෙන්න ඕන කියලා මම හිතනවා. මොකද ආදරේ කරන කෙනා මාව හා මගේ ක්ෂේත්‍රය තේරුම් ගත්තේ නැත්තම් අපි දෙන්නට එක ගමනක් යන්න බැහැ. කාලයක් යනකල් මගේ මනස නිදහසේ තියා ගන්න ඕන. මම කරන විලාසිතා නිසා වගේම එක එක කතා නිසාත් මගේ හිටපු පෙම්වතුන් මාත් එක්ක රණ්ඩු කරලා තියෙනවා. ඒ නිසා දැන්මම ආදරේ ගැන හිතන්නේ නැහැ.

 

විවාහය ගැන හිතන්නෙත් නැද්ද..?

ආදරේ වගේම විවාහය ගැන තව ටික කාලයකින් හිතනවා. මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් හොඳයි. මොකද විවාහය කියන්නේ දික්කසාදයකින් කෙළෙවර කරන්න ඕන දෙයක් නෙමෙයි. විවාහ වෙන කෙනා එක්ක ජිවත් වෙන්න ඕන. විවාහ වුනාට පස්සේ මම කොහොමත් මුල් තැන දෙන්නේ විවාහ ජිවිතයට මිසක් රංගනයට නෙමෙයි. සමහර දවස්වලට උදේ රූගත කිරීම්වලට ගිහින් පහුවදා එන්නේ. විවාහ වුනු කෙනෙකුගේ විවාහ ජිවිතයට හානි වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඇතැම් කලාකරුවන්ගේ විවාහ ජිවිතේ දික්කසාදයෙන් කෙළවර වෙලා තියෙන්නේ පවුල් ජිවිතයට වඩා කලා ජිවිතයට මුල්තැන දුන්නු නිසා. ඒ නිසා මම විවාහ වෙන්නේ නිසි කාලයේදී.

 

හදහන විස්වාස කරනවද..?

මම පාසල් යන කාලේ මගේ හදහන බලපු කිහිප දෙනෙක්ම කිව්වා මම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් ඒ කාලේ එහෙම වෙයි කියලා හිතලාවත් තිබ්බේ නැහැ. මගේ ජිවිතේ ගැන හදහනේ තිබ්බ ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙනවා.නමුත් එහි එල්ලිලා ඉන්නේ නැහැ. සම්පුර්ණයෙන්ම විස්වාස කරන්නෙත් නැහැ.

 

කටකතා ගැන කිව්වොත්..?

මට එහෙම ලොකුවට කතා හැදිලා නැහැ. නමුත් ප්‍රධාන චරිතයක් ලැබුනොත් එය ලැබුනේ අයුතු විදිහට කියලා හිතන ඒකට ඊර්ෂ්‍යා කරන අය නම් කතා කියනවා. පිරිමි අයට වඩා ගැහැණු අය හරි කුහකයි, ඊර්ෂ්‍යා කරනවා, කතා හදනවා. සමහර කතා නිසා මට හිටපු පෙම්වතුන් මාත් එක්ක රණ්ඩු වෙලාත් තියෙනවා. කලකිරුණු අවස්ථා නම් තියෙනවා. නමුත් මම කවුද කියලා මම දන්නවා. මම කරන්නේ හරි දේ නම් වරදක් කරන්නේ නැත්තම් මට අනිත් අයගේ කතා වැඩක් නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ.

 

හර්ෂනී වීරරත්න – හිරු ගොසිප්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40