වසංගත සමයේදී මිනිසුන් භාවිතා කරන නිල් පැහැති ශල්‍යකර්ම මුහුණු ආවරණ කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයෙන් නිල් පැහැති මුව ආවරණ 10%ක පමණක් සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවකි.
නමුත් එන් 95 හෝ කේඑන් 95 මුහුණු ආවරණ වැඩි සාර්ථකත්වයක් පෙන්වා ඇති බවද එම පරීක්ෂණයෙන් අනාවරණය කොට ඇත.
‘සමීපව සහ දුරස්ථව කාමරයකදී ආරක්‍ෂා කිරීම සඳහා ඕනෑම මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැත. නමුත් විවිධ මුව ආවරණවල සාර්ථකත්වයේ බරපතළ වෙනස්කම් තිබේ’ යනුවෙන් කාර්මික ඉංජිනේරු මහාචාර්ය සර්හි යාරූසෙවිච් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.














Weda puluwan namuth meya nil marks maket eken ayin karanna gath uthsahayakda gane soya baliya ytuy
madapra diga inna hamomam paladine nil mask