නිල් පැසිෆික් කලාපයට එක් වූ  ඉන්දියාවට එක්සත් ජනපදයෙන් සාදර පිළිගැනීමක්

පැපුවා නිව්ගිනියාව සමඟ ඉන්දියාවේ වැඩෙමින් පවතින බැඳීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැසිෆික් කටයුතු පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ටේලර් රගල්ස් ප්‍රසාදය පළකර තිබෙනවා.

රගල්ස් පැවසුවේ, කලාපයට ඉන්දියාවේ ප්‍රවේශය සාදරයෙන් පිළිගන්නා බවයි. ඉන්දියාව නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්ගේ සාමාජිකයෙකු නොවන නමුත්  නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දු-පැසිෆික් දූපතක් වන පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වූ අතර ඉන්දියා-පැසිෆික් දූපත් සහයෝගීතාව සඳහා වූ සංසදයේ තුන්වන සමුළුවේ සම මුලසුන ද  දැරුවා.එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ එක්සත් රාජධානිය යන රටවල්  2022 ජූනි මාසයේදී, කලාපයේ කුඩා දූපත් ජාතීන් සමඟ ඵලදායි සහ සහයෝගීතාවයක් සඳහා නිල් පැසිෆික් මූලාරම්භය දියත් කළේ පැසිෆික් සාගර කලාපයේ චීනයේ ආක්‍රමණශීලී තල්ලුවට ප්‍රතිචාර වශයෙන්.පැසිෆික් ප්‍රාන්ත 10ක් සමඟ පුළුල්, පොදු සහයෝගීතා ගිවිසුමක් සඳහා චීනය යොමුවීමෙන් පසුව, එහි ප්‍රසාරණය වන බලපෑමේ සැලසුම්ගත ප්‍රමාණය පැහැදිලි වීමත් සමඟ කලාපයේ භූ මූලෝපායික තරඟකාරිත්වය ඉහළ ගියා.ඔස්ට්‍රේලියාව සහ ජපානය සමඟ ඉන්දියාව සමීප සමාජ හවුල්කරුවෙකු ලෙස හඳුන්වමින් රගල්ස් පැවසුවේ ඔවුන් කලාපය තුළ ඉතා ක්‍රියාශීලීව එක්ව කටයුතු කරන බවයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය සඳහා පැපුවා නිව්ගිනියාවට ළඟා වූ අවස්ථාවේ එරට අගමැති ජේම්ස් මාරපේ මෝදිගේ දෙපා ස්පර්ශ කර ආශිර්වාද ලබා ගත්තා. මෙය අග්‍රාමාත්‍ය මෝදිගේ පැපුවා නිව්ගිනියාහි පළමු සංචාරය මෙන්ම, ඉන්දු-පැසිෆික් රටකට ඕනෑම ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකුගේ පළමු සංචාරය ද වුණා.

ඉන්දියා-පැසිෆික් දූපත් සහයෝගීතාව සඳහා වූ සංසදයේ තුන්වන සමුළුව අමතමින්, පැසිෆික් දූපත් රටවල් සමඟ ඉන්දියාවේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා පියවර 12ක වැඩසටහනක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක බග්ජි නිවේදනය කළා. කලාපය සඳහා ෆීජි හි ඇඳන් 100 කින් යුත් නව  සුපිරි විශේෂිත රෝහලක් විවෘත කිරීම සහ පැපුවා නිව්ගිනියාවේ කලාපීය තොරතුරු තාක්ෂණ සහ සයිබර් ආරක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම ඊට ඇතුළත්. ඉදිරි වසර 5 සඳහා පැසිෆික් දූපත් කලාපයට සාගර් අමෘත් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ  ශිෂ්‍යත්ව 1000ක් පිරිනැමීමටද නියමිතයි.

ඊට අමතරව රජයේ ගොඩනැගිලි සඳහා සූර්ය බල ව්‍යාපෘති, පානීය ජලය සඳහා ලවණ ඉවත් කිරීමේ ඒකක සැපයීම, මුහුදු ගිලන්රථ සැපයීම, ඩයලිසිස් ඒකක පිහිටුවීම, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි උපකාරක දුරකථන පිහිටුවීම, ජන ඖෂධ කේන්ද්‍ර පිහිටුවීම, යෝග මධ්‍යස්ථාන පිහිටුවීම වැනි වැඩසටහන්ද මෙ යටතේ ක්‍රියාත්මක වන බව බග්ජි වැඩිදුරටත් සදහන් කළා.

නිල් පැසිෆික් කලාපයේ හවුල්කරුවන්ගේ අරමුණ වන්නේ පැසිෆික් දූපත්වලට සහාය වීම සහ කලාපීය දේශපාලන හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමයි. ඔවුන්ගේ “සෞභාග්‍යය, ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව” වැඩිදියුණු කිරීම යන තේමාවේ සරල අදහස් වන්නේ චීනයේ ආක්‍රමණශීලී ව්‍යාප්තිය අවහිර කිරීම සඳහා මෙම ජාතීන් සාමූහිකව සහ තනි තනිව සම්පත් දායක වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10