නිලන්ත ජයවර්ධනට ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බල වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දෙසැම්බර් මස 30 වන දාට පෙර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළා.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කෙරුණා.