නිරෝධායන ඇඳිරි නීති සමයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මුලු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ඊයේ (29) රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතය පැනවීමත් සමඟ එම කාලය තුළ ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය, ආරක්ෂක අංශ, කෘෂිකර්ම, අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම් සේවාවන් සඳහා මෙම කාලසීමාව තුළ අවසර ලබා දී තිබෙනවා.

පවතින කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් ඊයේ රාත්‍රී 10 සිට ලබන 30 වැනි සඳුදා අලුයම 04 දක්වා මුලු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (20) නිවේදනය කළා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ එම කාලය තුළ ආයෝජන මණ්ඩලයට අයත් ඇඟළුම් කර්මාන්ත ශාලා මෙන්ම අපනයන කර්මාන්තවල නිරතවන පුද්ගලයින්ට ද සිය රැකියා සඳහා යාමට කිසිදු බාධාවක් නොමැති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව අනුව මෙම කාලසීමාව තුළ සෞඛ්‍ය සේවකයින්ට සිය රාජකාරී සඳහා යාමට බාධාවක් නැහැ.

සාමාන්‍ය සායන නො පැවැත්වෙන නමුත් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය නිවාස චාරිකා සිදුකළ හැකියි.

මීට අමතර ව පොලිසිය, ග්‍රාම නිලධාරී මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩලය සහිත ව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා හැකි වනවා.

සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘත ව තැබෙන අතර මාර්ගගත බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

විදුලිය – ජලය – විදුලි සංදේශ – ඉන්ධන පිරවුම්හල් ඇතුළු උපයෝගිතා සේවා පවත්වාගෙන යාමට ද බාධාවක් නැහැ.

ගොවිතැන, පශු සම්පත් මසුන් ඇල්ලීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිස්ත්‍රික් මායිම් නො ඉක්මවා යමින් දුරස්ථභාවය රඳවාගනිමින් සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්ට අවසර හිමිවන අතර සිල්ලර භාණ්ඩ මෙන්ම බේකරි නිෂ්පාදන බෙදා හැරීම සඳහා ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක කළ හැකියි.

ප්‍රවාහන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අවසර ලත් අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ ඩිලිවරි සේවාවන් සඳහා පමණයි.

කොවිඩ් නො වන මරණයක දී අවමංගල්‍ය කටයුතු පවුලේ සමීපත ම ඥාතීන්ගේ පමණක් සහභාගීත්වයෙන් පැය 24ක් ඇතුළත අවසන් කළ යුතුයි.

වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සෞඛ්‍ය හේතුවක් මත මිස කිසිදු හේතුවකට නිවසින් බැහැරට නො යන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඉදිකිරීම් ස්ථානවල දෛනික වැටුප් ලබන කම්කරුවන්ට නිශ්චිත වැඩකටයුතු සඳහා අවසර ලබා දී තිබෙනවා.

මේ අතර සියලු ආගමික රැස්වීම්ල සාමාජීය රැස්වීම්ල ආපනශාලාල හෝටල් සති පොළ, උපකාරක පංති ආදිය මෙම නිරෝධායන ඇඳිරි නීතිය කාල සීමාව තුළ තහනම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35