නි
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ලබන 21 වැනි අඟහරුවාදා අලුයම 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී එම තීරණයට එළැඹුණු බවයි ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වනවිට ඉදිරි කාලයේ දී නැවත රට විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
එමෙන්ම, මෙම කාලය තුළ එන්නත්කරණය සඳහා මෙන්ම, හැකි සෑම විට ම නිවසේ රැඳී සිටීමට සහ මුව ආවරණ පැළඳීම පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.














Hodatama kale kauda 😔😔😔
ලෙඩ්ඩු සොයන්නේ නැතිව ඇදීරී නීති පලක් නැත.