නිරෝධායන ඇඳිරිනීතිය දැමිමේ ප්‍රතිඵල මෙන්න

නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් -19 ආසාදිතයින් සහ කොවිඩ් මරණවල ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා සඳහන් කළේ, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගැනීම අත්‍යවශ්‍ය බවය.

“අගෝස්තු 20 වනදා සිට සංචරණ සීමා පනවා සති තුනක් පමණ වෙනවා මේ මොහොත වන විට. මෙම සංචරණ සීමාවල යම් කිසි හොඳ ප්‍රතිඵල අපිට දැන් පෙනෙනවා. මම හිතනවා මියගිය සංඛ්‍යාව 40%කින් පමණ, හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය 50%කින් පමණ අඩුවීමක් අපි දකිනවා අපි ඒ ගැන ඉතා සතුටු වෙනවා. නමුත් මේ තත්ත්වයෙනුත් ඔබ සෑහිමකට පත්වන්නට එපා. ඒ තියෙන සෞඛ්‍ය නීතිවලට අනුකූල වන ඒ පිළිවෙත් සියල්ල ඉදිරියටත් පවත්වාගෙන යන එක මම හින්නේ ඉතාමත් සුදුසුයි. මොකද තවමත් 150කට පමණ වන රෝගීන් ප්‍රමාණයක් දවසකට මියයනවා. මේක සුළු ලෙස සලකන්නට එපා. ඒ නිසා මේ වසර අවසාන වන තෙක්වත් මේ සියලු සංචරණ සීමා ඔබට හැකිතාක් ආකාරයෙන් සෞඛ්‍ය පුරුදුවලට සම්පූරණයෙන් යොමු වෙලා පවත්වාගෙන යන්න.“

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වු තරම් සිදුනොවුව ද පවතින තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට යම් දායකත්වයක් ලැබී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවය.

“අපි බලාපොරොත්තු වු තරමේ සංචරණ සීමාවක් සිද්ධ වුණේ නැති එක ඇත්ත. අපි නිර්දේශ කළේ 90%ක සංචරණ සීමාවක් හැබැයි බොහෝ විට 60%ක සංචරණ සීමාවක් තමයි ප්‍රායෝගිකව ක්‍රීයාත්මක වුණේ එතකොට මේ තත්ත්වය යටතේ වුණත් වේගයෙන් පැතිරීම යම් අඩුවක් වුණා කියන එක පැහැදිලියි. මොකද පොදු ප්‍රවාහාන සේවා ක්‍රීයාත්මක වුණේ නැහැ. සංචරණ සීමා පනවා තිබුණ කාලය තුළ. එතකොට අනිවාර්යෙන් රෝගය ව්‍යාප්තවීමේ අඩුවක් දැකින්නට ලැබුණා පැහැදිලිව. රට නැවත විවෘත කිරීම තමයි වැදගත්. ඉතින් එතනදි උත්සව වැනි දෑ රජය දැඩි මැදිහත්වීමකින් නැවැත්විය යුතු වෙනවා තව සෑහෙන කාලකට. සංචරණ සීම ඉවත්කරලා රට විවෘත කරනකොට අදාළ මාර්ගෝපදේශවලට හැමෝම අනුගත වුණොත් අපිට මේක පාලනය කරගන්න පුළුවන් වේවි. එහෙම නොවුණහොත් පස්වෙනි රැල්ලක් එන එක වළක්වා ගන්නට ලැබෙන්නේ නැහැ. “

මව්රටනිව්ස්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22