නිරෝධායනය මධ්‍යස්ථානයක තරුණයෙකු සියදිවි නසා ගනී

කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ” ටැමරින් ට්‍රී ” සංචාරක හෝටලයේ නීරෝධායනය වෙමින් සිටි තරුණයෙකු ඊයේ (15) දින රාත්‍රී ගෙල වැළ ලා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව කටුනායක පොලීසියේ ප්‍රකාශකවරයෙකු පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා – ඇළ, මාකවිට, මාබිම, ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

මොහු පන්නල, මාකදුර, බඩල්කුඹුර කුඹුර ප්‍රදේශයේ පිහිටි “නෙස්ලේ” කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයෙකු වන අතර, ඔහු එම කර්මාන්ත ශාලාවේම සේවය කරන කොරෝනා ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස මෙම සංචාරක හෝටලයේ නීරෝධායනය වීම සදහා ඉකුත් 10 දින රැගෙන විත් තිබෙනවා.

ඔහු මෙම සංචාරක හෝටලයේ නොම්බර 09 නැමැති කාමරයේ නීරෝධායනය වෙමින් සිටි අතර, එහි තිබූ සිවිලිම් විදුලි පංකාවේ, ඇද ඇතිරිල්ලකින් ඊයේ (15) දින රාත්‍රී 06.00 ට පමණ ගෙල වැළ ලා ගෙන මිය ගොස් සිටියදී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව මොහුගේ මළසිරුර මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා.

ඉන් අනතුරුව මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත මහතා විසින් මෙම මළසිරුර පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

මෙම තරුණයා විසින් පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳව සිත් තැවුලට පත් වී, මෙසේ මොහු ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44