නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිත කළ යුතුයි – ජනපති

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සමාජිකයන් සමග ඊයේ (11) පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“මේකෙදි විවිධ දේවල් කියනවා අස්වැන්න අඩුවෙයි. විශාල පාඩුවක් වෙයි, ගොවියගේ ආදායම අඩුවෙයි. හුඟක් ඇයගේ මතය එහෙම වෙන්නේ නෑ මේක අපිට කරන්න පුළුවන් කියලා. කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා පුරන් වෙලා. අපි පුළුවන් ඒ කුඹුරු වගා කරොත් ඔය කියන කාලය තුළ ඇති වෙන්න පුළුවන් අඩුව පිරිමහ ගන්න. ගිය කන්නයේ ඊට කලින් ගොවීන් ලබාගත්ත ආදායම අපි දන්නවා.  යම් අයුරකින් ඒ අයගේ ආදායමෙන් වෙනසක් වුණොත් අපි ඒ අය නිෂ්පාදනය කරපු වී වැඩි මිලට ගන්න පුළුවන්. ඒ අයට ගිය වර ආදායම ම ලැබෙන විදියට. අපි සහතික මිලක් දීලා තියෙනවා රු 50 කියලා. අපිට ඒක රු 60ට ගන්න පුළුවන්. ඒ රු 10 අපි දරාගන්නවා. ඒ නිසා ගොවියට කිසිම බයක් වෙන්න දෙයක් නෑ ඒ ගැන. අපේ රටේ විශාල කොටසක් ඉන්නවා කාබනික පොහොර භාවිතයෙන් වගා කරන. කාබනික පොහොර නිෂ්පාදනය කරන. පුළුවන් නම් මේ පොහොර නිෂ්පාදනය වැඩි කරන්න අපි ආධාර දෙන්න පුළුවන්. දැනට රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට වුණත් පුළුවන් අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනයට කර්මාන්ත ආරම්භ කරන්න. ඉතාම වැදගත් අභියෝගාත්මක කාර්යයක්. නමුත් එය රට වෙනුවෙනුත් අනාගත පරපුර වෙනුවෙනුත්
කරන්න ඕනේ.“

  1. හඳෙන්ග හාල් ගෙන්න කලින්…දැන් ඔය විකුණ ගන්න බැරි, අස්වැන්න වැඩි කාලෙට මිලක් නැති ප්‍රශ්න වලට ප්‍රයෝගික විසඳුම් දීල හිටියනම් හොදයි නේද..මේ ඉන්න විද්වතුන් සමහරක් කටින් බතල කොළ හිටවන අය. පේරාදෙණිය පැත්තෙන් එහෙම කෙනෙකුත් මේකේ ඉන්නවා වගේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53