spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිරිත දිග මෝසමට පෙර සූදානම

මෙවර නිරිත දිග මෝසම තත්ත්වය මැයි මස තුන්වන සතිය වන විට සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, අනුව මෝසම් ආපදා පෙර සූදානම් කමිටු දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත් වුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඩෙංගු මර්ධන වැඩසටහන යන රාජ්‍ය ආයතනවල නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන සංවිධාන, පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?