spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

ඉදිරි ජනාධිපතිවරණයේ ඉරණම ඉමියුනොගොලොබියුන් වංචා නඩුවෙන් විසඳෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ; ජර්මනියේ නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසුව තත්ත්ව පරීක්ෂණවලින් තොරව මිනිසුන් සඳහා ඖෂධයක් භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන නඩුව වනු ඇති බවයි.

වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ඉමියුනොගොලොබියුන් ලබාදීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ බව ද හෙතෙම පෙන්වාදෙනවා.

මෙයින් ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාවක් ගැන ද තොරතුරු හෙළි ව ඇති බවයි චමල් සංජීව වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් විත්තියේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මතු කළ ප්‍රශ්නයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වහා පිළිතුරු ලබාදිය යුතු බව ද හෙතෙම පවසනවා.

රුපියල් 15,000ක් ගෙවා රුධිර ප්ලාස්මාව ලබාගෙන රුපියල් කෝටි සියයකට සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණු ආකාරය ගැන ද වෛද්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එමෙන්ම මෙම සිදුවීමේ මහමොළකරු හිටපු සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම් හා ඖෂධ නියාමන අධිකාරිය විජිත් ගුණසේකර අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?