නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසු පළමු වතාවට භාවිත කළ ප්‍රමිතියෙන් තොර ඉමියුනොගොලොබියුන්

ඉදිරි ජනාධිපතිවරණයේ ඉරණම ඉමියුනොගොලොබියුන් වංචා නඩුවෙන් විසඳෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ; ජර්මනියේ නියුරන්බර්ග් නඩු තීන්දුවෙන් පසුව තත්ත්ව පරීක්ෂණවලින් තොරව මිනිසුන් සඳහා ඖෂධයක් භාවිතා කළ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වන නඩුව වනු ඇති බවයි.

වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ඉමියුනොගොලොබියුන් ලබාදීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් කළ බව ද හෙතෙම පෙන්වාදෙනවා.

මෙයින් ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාවක් ගැන ද තොරතුරු හෙළි ව ඇති බවයි චමල් සංජීව වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් විත්තියේ නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මතු කළ ප්‍රශ්නයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වහා පිළිතුරු ලබාදිය යුතු බව ද හෙතෙම පවසනවා.

රුපියල් 15,000ක් ගෙවා රුධිර ප්ලාස්මාව ලබාගෙන රුපියල් කෝටි සියයකට සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණු ආකාරය ගැන ද වෛද්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එමෙන්ම මෙම සිදුවීමේ මහමොළකරු හිටපු සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය ලේකම් හා ඖෂධ නියාමන අධිකාරිය විජිත් ගුණසේකර අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56