spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“නියත වශයෙන්ම ජනපති රට ගොඩනඟනවා” – මිහින්තලේ රජමහා විහාරාධිපති

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම රට ගොඩනඟනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ අද රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බවයි උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිහින්තලා පුද බිම වෙත අද (21) පෙරවරුවේ ගිය අවස්ථාවේ දී මිහින්තලේ රජමහා විහාරාධිපති නා හිමියන් මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වල නිරතවූ අතර, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඡායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කර සිටියා.

“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී පිළිගනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?