නියඟයෙන් 90,000කට ආසන්න පිරිසක් පීඩාවට (වීඩියෝ)

පවතින වියළි කාලගුණය හේතුවෙන් පවුල් 50,000කගේ පමණ වගාවන්ට බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මහවැලි බල ප්‍රදේශයේ, උඩවලව සහ චන්ද්‍රිකා වැව ආශ්‍රිතව වගා කටයුතුවල නිරත පිරිස් සඳහා බවයි.

බොහෝ ප්‍රදේශවල පවතින වියලි කාලගුණයත් සමඟ ගොවි බිම් රැසක් විනාශ වෙමින් පවතිනවා.

උඩවලව ජලාශය යටතේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

උඩවලව ව්‍යාපාරයේ ගොවීන්ට සමනල වැවෙන් ජලය ලබා නොදුනහොත් ඉදිරියේදී සියයට 70කට අධික වගාවන් විනාශ වී යාමේ අවදානමක් පවතින බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් සමනල වැවෙන් ජලය කඩිනමින් මුදා හැරීම අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පළාත් 4කට අයත් පුද්ගලයන් 90000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

වැඩිම බලපෑමක් සිදුවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 21714කට අයත් පුද්ගලයන් 69113ක් පීඩාවට පත්ව සිටිනවා.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව ඊයේ දිනය වන විට පැවතියේ සියයට එකටත් වඩා අඩු මට්ටමකයි.

ඒ අනුව ගොවිතැන් සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසන්නේ.

මේ අතර ඊයේ ගොවීන් පිරිසක් සමනළ වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරත වුණා.

උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනළ වැවෙන් මුදා හරින ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ අතර විරෝධතාවත් සමග ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමටයි කටයුතු කෙරුණේ.

පවතින දැඩි නියඟය හේතුවෙන් පොළොන්නරුව පූජා භූමියේ සිටින වන සතුන් ද උග්‍ර ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ අනුව එම සතුන්ට අවශ්‍යජලය අඛණ්ඩව සැපයීමටයි පියවර ගෙන තිබෙන්නේ.

හෙක්ටයාර 1521 ක් පුරා විහිදී ඇති පොළොන්නරුව පූජා භූමිය හා අවට ප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක සිට වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මේ හේතුවෙන් පූජා භූමියේ සිටින සතුන් ද පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල කණ්ඩලම වැවේ ජල මට්ටම ද සීඝ්‍ර ලෙස පහත වැටී තිබෙනවා.

වැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 27618 වන අතර එය මේ වන විට අක්කර අඩි 5810 දක්වා පහත වැටී ඇති බවයි එහි කාර්ය භාර නිලධාරීවරයා පවසන්නේ.

කණ්ඩලම වැව යටතේ කුඹුරු හෙක්ටෙයාර් 4000ක පමණ වගා කටයුතු සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48