spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියඟයෙන් 90,000කට ආසන්න පිරිසක් පීඩාවට (වීඩියෝ)

පවතින වියළි කාලගුණය හේතුවෙන් පවුල් 50,000කගේ පමණ වගාවන්ට බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මහවැලි බල ප්‍රදේශයේ, උඩවලව සහ චන්ද්‍රිකා වැව ආශ්‍රිතව වගා කටයුතුවල නිරත පිරිස් සඳහා බවයි.

බොහෝ ප්‍රදේශවල පවතින වියලි කාලගුණයත් සමඟ ගොවි බිම් රැසක් විනාශ වෙමින් පවතිනවා.

උඩවලව ජලාශය යටතේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට උපරිම සහනයක් සැලසීමට පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

උඩවලව ව්‍යාපාරයේ ගොවීන්ට සමනල වැවෙන් ජලය ලබා නොදුනහොත් ඉදිරියේදී සියයට 70කට අධික වගාවන් විනාශ වී යාමේ අවදානමක් පවතින බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම වගාවන් ආරක්ෂා කර ගැනීමට නම් සමනල වැවෙන් ජලය කඩිනමින් මුදා හැරීම අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පළාත් 4කට අයත් පුද්ගලයන් 90000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

වැඩිම බලපෑමක් සිදුවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 21714කට අයත් පුද්ගලයන් 69113ක් පීඩාවට පත්ව සිටිනවා.

උඩවලව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව ඊයේ දිනය වන විට පැවතියේ සියයට එකටත් වඩා අඩු මට්ටමකයි.

ඒ අනුව ගොවිතැන් සහ අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසන්නේ.

මේ අතර ඊයේ ගොවීන් පිරිසක් සමනළ වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරත වුණා.

උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනළ වැවෙන් මුදා හරින ලෙසට ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරත වූ අතර විරෝධතාවත් සමග ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමටයි කටයුතු කෙරුණේ.

පවතින දැඩි නියඟය හේතුවෙන් පොළොන්නරුව පූජා භූමියේ සිටින වන සතුන් ද උග්‍ර ජල ගැටලුවකට මුහුණදී සිටිනවා.

ඒ අනුව එම සතුන්ට අවශ්‍යජලය අඛණ්ඩව සැපයීමටයි පියවර ගෙන තිබෙන්නේ.

හෙක්ටයාර 1521 ක් පුරා විහිදී ඇති පොළොන්නරුව පූජා භූමිය හා අවට ප්‍රදේශයේ මාස දෙකක පමණ කාලයක සිට වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මේ හේතුවෙන් පූජා භූමියේ සිටින සතුන් ද පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල කණ්ඩලම වැවේ ජල මට්ටම ද සීඝ්‍ර ලෙස පහත වැටී තිබෙනවා.

වැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි 27618 වන අතර එය මේ වන විට අක්කර අඩි 5810 දක්වා පහත වැටී ඇති බවයි එහි කාර්ය භාර නිලධාරීවරයා පවසන්නේ.

කණ්ඩලම වැව යටතේ කුඹුරු හෙක්ටෙයාර් 4000ක පමණ වගා කටයුතු සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?