නියඟයෙන් හානි වූ වගාවන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට

නියඟයෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

උතුරු පළාත් ගොවීන්ගේ වගා කටයුතුවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත රටේ මෙතෙක් නොවිසඳුනූ ඉඩම් ගැටළු ගණනාවක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව වන ජීවි හා වනසංරක්ෂණ කලාප යටතේ පවතින ඉඩම් වගා කළ ගොවීන්ට පැන නැගී ඇති ඇතැම් ගැටළු විසදීමේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා.

මේ හේතුවෙන් වගා කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම මෙන්ම මෙතෙක් වගා කරන ලද ඉඩම් සම්බන්ධව ගොවි ජනතාවට පැවැති ගැටළු රැසක් ඉදිරියේ දී විසඳෙන බැවින් දැනට පවතින ගැටළු කඩිනමින්ම විසඳෙනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

වව්නියාව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යි.

ඊට ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින් මෙන්ම ගොවි නියෝජිතයින් ද සහභාගි වී සිටියා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ වව්නියාව දිස්ත්‍රික්කය උඳු හා මිරිස් වගාවට ඉතාමත් යෝග්‍ය බැවින් බෝග වගාවේ දී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි.

එමෙන්ම රටට අවශ්‍ය බඩඉරිඟු බීජ නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව වව්නියාව දිස්ත්‍රික්කය තුළ පවතිනවා. දැනට කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ පසුගිය මහ කන්නයේ වගා කරන ලද බීජ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000කට අධික ප්‍රමාණයක් ගොවීන් සතුව පවතින බව ද සඳහන්.

එම තොග මිල දී ගෙන ඉදිරි මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සදහා ගොවීන්ට බෙදා දීමට පියවර ගන්නා ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති විශේෂ ව්‍යාපෘති සියල්ල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් කටයුතු කිරීම ගොවි ජනතාවට පහසුවක් වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර බීජ බඩඉරිඟු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මුලික පහසුකම් සියල්ල වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58