spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියඟයෙන් හානි වූ වගාවන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට

නියඟයෙන් හානි වූ වගාවන් වෙනුවෙන් ගොවීන්ට වන්දි ලබාදීම ලබන මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

උතුරු පළාත් ගොවීන්ගේ වගා කටයුතුවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත රටේ මෙතෙක් නොවිසඳුනූ ඉඩම් ගැටළු ගණනාවක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව වන ජීවි හා වනසංරක්ෂණ කලාප යටතේ පවතින ඉඩම් වගා කළ ගොවීන්ට පැන නැගී ඇති ඇතැම් ගැටළු විසදීමේ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරා තිබෙනවා.

මේ හේතුවෙන් වගා කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම මෙන්ම මෙතෙක් වගා කරන ලද ඉඩම් සම්බන්ධව ගොවි ජනතාවට පැවැති ගැටළු රැසක් ඉදිරියේ දී විසඳෙන බැවින් දැනට පවතින ගැටළු කඩිනමින්ම විසඳෙනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

වව්නියාව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී යි.

ඊට ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරින් මෙන්ම ගොවි නියෝජිතයින් ද සහභාගි වී සිටියා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ වව්නියාව දිස්ත්‍රික්කය උඳු හා මිරිස් වගාවට ඉතාමත් යෝග්‍ය බැවින් බෝග වගාවේ දී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසටයි.

එමෙන්ම රටට අවශ්‍ය බඩඉරිඟු බීජ නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව වව්නියාව දිස්ත්‍රික්කය තුළ පවතිනවා. දැනට කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ පසුගිය මහ කන්නයේ වගා කරන ලද බීජ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000කට අධික ප්‍රමාණයක් ගොවීන් සතුව පවතින බව ද සඳහන්.

එම තොග මිල දී ගෙන ඉදිරි මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සදහා ගොවීන්ට බෙදා දීමට පියවර ගන්නා ලෙසට ද උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති විශේෂ ව්‍යාපෘති සියල්ල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් කටයුතු කිරීම ගොවි ජනතාවට පහසුවක් වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර බීජ බඩඉරිඟු නිෂ්පාදනය සඳහා අවශ්‍ය මුලික පහසුකම් සියල්ල වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?