නියඟයෙන් කුඹුරු අක්කර 70,000කට හානි – සහල් අවශ්‍යතාවයට බලපෑමක් නෑ

මෙම වසරේ සැප්තැම්බර් 04 දින වනවිට වාර්තා වී ඇති වගා හානි පිළිබඳ වාර්තාවට අනුව නියඟය හේතුවෙන් හානියට පත් මුළු කුඹුරු ප්‍රමාණය අක්කර 60,930ක් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන් බලපෑමට ලක්ව සිටින ගොවීන් ප්‍රමාණය 62,375 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම ප්‍රමාණය අක්කර 26,654.40ක්.

දෙවන ස්ථානයට හානියට ලක් වූ වැඩිම කුඹුරු ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වන අතර,එය අක්කර 14,810.13ක්.

උඩවලව කලාපයේ බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 11,651ක් බව සඳහන්.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ බලපෑමට ලක්ව ඇති ගොවීන් ප්‍රමාණය 32,144ක් බවයි වාර්තා වන්නේ.

මෙවර යල කන්නයේ වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක් වනවා.

දැනට වගා හානි වාර්තා වන ආකාරය අනුව නියඟය හේතුවෙන් අවම වශයෙන් අක්කර 70,000ක් පමණ හානියට ලක්ව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

මෙම වගාහානි මගින් රටේ සහල් අවශ්‍යතාවයට බලපෑමක් එල්ල නොකරන අතර, ලබන මහ කන්නයේ වී අස්වනු නෙලාගන්නා තෙක් අවශ්‍ය සහල් හා වී තොග රට තුළ පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12