නිමල් ලාන්සාට ඇමතිකම් කරන්න උගන්වන සනත් නිශාන්ත…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සැරසෙන බවට ඊයේ (16) පළවූ පුවත්පත් කිහිපයක තොරතුරු වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ,

“ඒ රාජ්‍ය ඇමතිතුමයි අමාත්‍යාංශ ලේකම්තුමයි අතර වෙච්ච ගැටලුවක් තියෙන්නේ. හිත් රිදීමක් තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ වෙද්දි ඇමතිතුමාට ගැලපෙන වෙනත් අමාත්‍යාංශ ලේකම්තුමෙක් දාලා දෙයි කියලා.

නිමල් ලාන්සා ඇමතිතුමාටත් තිබුණා බඩුමුට්ටු අකුලගෙන යන්නේ නැතුව..මං තරහම තරහයි.. මං යනවා යන්න කියලා අපි චූටි කාලේ එහෙම නැඟිටලා ගියා. ඇමතිකම් එහෙම කරන්න බෑ.

පොඩි කාලේ කුට්ටම් බත් උයනවා වගේ අමතිකම් කරන්න බැහැ නේ.පොඩි කාලේ එහෙම කරන්න පුලුවන්.

ඒ නිසා මේ රජය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක්. ඒ ඇමතිතුමා කරපු දේ හරියි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43