නිමල් ලන්සාට, ජොන්ස්ටන්ගෙන් කැපිල්ලක්ද..? තවත් 25 ක් එක්ක ලන්සා ආණ්ඩුවෙන් එළියටද..?

නිමල් ලන්සා යනු රාජපක්ෂ පාලනයේ ප්‍රබල සබඳතා තිබූ මන්ත්‍රීවරයෙක් ලෙස හැදින්විය හැකිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග යහපාලනය සමග අත්වැල් බැදගත් ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් හිමිකර ගැනීමට පෙරට ආවේය.

2015 වසරේ අප්‍රේල් මස 24 වැනිදා ඔහුට වත්තල ආසන සංවිධායක ධුරයද ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේය.

ඉන් පසුව 2017 දෙසැම්බර් 19 වැනිදා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්වූයේ එම ආණ්ඩුවද විවේචනයට ලක්කරමිනි.

පසුගිය ආණ්ඩුව සමයේදී එක්සත් ජාතික පක්ෂය විසින් බරපතළ චෝදනා එල්ල කරන ලද නිමල් ලන්සා මන්ත්‍රීවරයාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එවක දැඩි අප්‍රසාදය පළ කළහ.

කෙසේ වෙතත් නිමල් ලන්සා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හෙයින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් හේතුවෙන් ඔහුට ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුරයක් ලබාදුන් බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ පිළිතුර විය.

ඔහු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රබල ආධාරකරුවකු බවට ද ඇතැමුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි.

කෙසේ වෙතත් නැවතත් රාජපක්ෂ පාලනයට එකතුවුණු නිමල් ලන්සා දැන් නැවතත් ආණ්ඩුවෙන් එළියට යාමට සැරසෙන බව ආරංචි මාර්ග පැතිර යයි.

එයට හේතුව නම් පසුගි දා අමාත්‍යාංශ ලේකම්වරයා සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන තිබීමයි.

සිය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට ඊයේ (15 වැනිදා) තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16 වැනිදා) හමු වී කරුණු පැහැදිලි කිරීමට රාජ්‍ය ඇමැතිවරයා තීරණය කර ඇත.

2021 වර්ෂයේ මෙම රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 35ක මුදලක් අයවැය මගින් වෙන් කර තිබුණි.
2022 වර්ෂයේ දී වෙන් කළ මුදල රුපියල් බිලියන දහයකි.

පසුගිය වසරේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මුදල් ගෙවීම සහ මෙම වසරේ මුදල් වැය කිරීම පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (15 වැනිදා) පෙරවරුවේ මත ගැටුමක් ඇති වී තිබේ.
ඉන් පසු රාජ්‍ය ඇමැතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙසයි.

මේ පිළිබඳව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජ්‍ය ඇමැතිවරයා සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවටද රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වීමෙන් වැළැකී සිටියේය.

නිමල් ලන්සාගේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින්ද ඔහුට කිසිඳු ප්‍රතිපාදනයක් හෝ රැකියා අවස්ථාවන් ලබාදීමට ඉඩ ලබා නොදෙන බවද ඔහුගේ සමීපතමයන් පවසනවා.

කෙසේ වෙතත් ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුට මෙලෙස ඉල්ලා අස්වීමට හේතුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද? නැතිනම් ලේකම්වරයාද? වෙනත් හේතුවක්ද යන්න ප්‍රසිද්ධියේ පැහැදිළි කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද නිමල් ලන්සා සමග ආණ්ඩුවේ 25 දෙනෙකුට ආසන්න පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට හෝ සූදානමින් සිටින බවටයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56