නිමල් ලංසාට මීගමු මහාධිකරණයෙන් ඇප

පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා අද (08) ඇප නියම කර තිබෙනවා.

මීගමුව මහාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අතර අදාළ ඇප නියෝග කියවාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා අද (08) දින පස්වරු 2.00ට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.