spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිමල් කැඳ වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සැරසෙයි

අද (08) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී රැස්වීමක් බව එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන මහ ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම නීති විරෝධී රැස්වීමට සහභාගී වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් නොවන බවයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් 2024 මාර්තු මස 31 වනදා නීත්‍යානුකූලව පිහිටුවන ලද රැස්වීමට සහභාගී වී තිබියදීත් අද (08) දිනයේ කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි වැඩබලන මහ ලේකම්වරයා අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා පූර්ණ බලය ඇත්තේ එම පක්ෂයේ සභාපතිවරයාට පමණක් බවයි වැඩබලන මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

අධිකරණය මඟින් ලබා දී ඇති වාරණ නියෝගයකට අනුව දැනට පක්ෂයේ සභාපතිවරයෙක් නොමැති බව ද ඔහු අදාළ නිවේදනය මඟින් සඳහන් කරනවා.

මේ අතර අද (08) පෙරවරුවේ කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?