නිමල් කැඳ වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සැරසෙයි

අද (08) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී රැස්වීමක් බව එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන මහ ලේකම්වරයා සඳහන් කරන්නේ මෙම නීති විරෝධී රැස්වීමට සහභාගී වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු බොහෝ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් නොවන බවයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් 2024 මාර්තු මස 31 වනදා නීත්‍යානුකූලව පිහිටුවන ලද රැස්වීමට සහභාගී වී තිබියදීත් අද (08) දිනයේ කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි වැඩබලන මහ ලේකම්වරයා අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා පූර්ණ බලය ඇත්තේ එම පක්ෂයේ සභාපතිවරයාට පමණක් බවයි වැඩබලන මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

අධිකරණය මඟින් ලබා දී ඇති වාරණ නියෝගයකට අනුව දැනට පක්ෂයේ සභාපතිවරයෙක් නොමැති බව ද ඔහු අදාළ නිවේදනය මඟින් සඳහන් කරනවා.

මේ අතර අද (08) පෙරවරුවේ කැඳවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ වැඩබලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කරගනු ලැබුවා.

  1. මොවුන් රට හදන ජාතියක් නෙවෙයි
    මුංගෙ පැවැත්මට බඩ වඩා ගැනීමටඅරගල ගෙනියන ජාතියක්ආයෙමත් රැවටෙන්න එපා,
    කවුරුත් හිතනවද මුන් රටට ආදරේ රට හදයි කියලා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50