spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිපා පරීක්ෂණ කට්ටල ඉදිරි දිනවලදී දිවයිනට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වවුලන් මගින් බෝවන නිපා වෛරසය පැතිර යන බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආසාදන හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඇණවුම් කරන ලද පරීක්ෂණ කට්ටල ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි.

කේරළයේ නීපා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණ පරීක්ෂණ ආරම්භ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

දකුණු ඉන්දීය ප්‍රාන්තය මේ වන විට වෛරස් ආසාදනවලින් මරණ දෙකක් වාර්තා කර ඇති අතර පුද්ගලයින් 700කට වැඩි පිරිසක් ධනාත්මක බව පරීක්‍ෂා කර නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

නීපා වෛරසය යනු මිනිසුන්ට උණ, වමනය සහ ශ්වසන ආසාදන ඇති කළ හැකි දුර්ලභ නමුත් බරපතල විය හැකි වෛරසයක්.

නිරාවරණයෙන් දින 4-14 කට පසුව රෝග ලක්ෂණ මතු වන බව සඳහන්.

Pteropodidae පවුලේ පළතුරු වවුලන් නීපා වෛරසයේ ස්වභාවික ධාරක ලෙසටයි සැලකෙන්නේ.

බොහෝ විට, දරුණු අවස්ථාවල දී වලිප්පුව සහ එන්සෙෆලයිටිස් (මොළයේ දැවිල්ල) ඇතුළත් වන අතර විශේෂඥයින් පවසන පරිදි පැය 24-48 තුළ කෝමා තත්ත්වයට පත්විය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ මරණ අනුපාතය 40% – 75% ලෙස ගණන් බලා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?