“නිපා” ඉන්දියාවේ දෙදෙනෙකු බිලි ගනී

දකුණු දිග කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරාන්තික නිපා (Nipah) වෛරසය පැතිරීම නතර කිරීම සඳහා ඉන්දීය බලධාරීන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ වන විට මහජන රැස්වීම් සීමා කර ඇති අතර ඇතැම් පාසල් පසුගිය සතියේ සිට වසා දමා ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ.

මෙය 2018 වසරෙන් පසු කලාපයේ 4 වන වෛරස පැතිර යාම ලෙසටයි සැලකෙන්නේ.

නිපා වෛරසය ඉන්දියාවේ මෙන්ම තවත් රටවල් රැසක ව්‍යාප්ත වී ඇති අතර බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටලින් ද අසධිතයන් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

නිපා වෛරසය කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින්නේ සිව්වන වතාවට වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

නිපා යනු Paramyxoviridae පවුලට අයත් RNA වෛරසයක් වන අතර මෙය අනාවරණය වූ පළමු රට මැලේසියාවයි.

රෝග ලක්ෂණ ලෙස උණ, දැඩි හිසරදය, නිදිබර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම ඇතැම් අයට පපුවේ ආසාදන තත්ත්වයන් ද ඇතිවිය හැකියි.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් සහ නරියන්ගෙන් බවටයි වාර්තා වන්නේ.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉහළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Nipah යනු මිනිසුන්ට උණ, වමනය සහ ශ්වසන ආසාදන ඇති කළ හැකි දුර්ලභ එහෙත් අසාධනය වුවහොත් බරපතල විය හැකි වෛරසයක්.

එහි දරුණු අවස්ථාවල දී එන්සෙෆලයිටිස්, මොළයේ දැවිල්ල සහ කෝමා තත්ත්වයට හේතු විය හැකි බවටයි අනාවරණ වී ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව වෛරසයේ මරණ අනුපාතය 40-75% අතර වනවා. මෙම වෛරසයට දැනට කිසිදු ඖෂධයක් සොයාගෙන නොමැති අතර සාමාන්‍ය ප්‍රතිකාරය වන්නේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර ලබා දීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
2
+1
4
+1
12
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19
Video thumbnail
ඇමති හඳුන්නෙත්ති හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:38
Video thumbnail
ලොරියක ගැටුණු ඩිෆෙන්ඩර් රථය කුඩේ කුඩු
00:43
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
00:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ බස් රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි
01:00
Video thumbnail
පච කියලම ජනාධිපතිගේ මූණ කළුවෙලා - නාමල්ට හොඳටම හිනා
12:41
Video thumbnail
දේශපාලන ප්‍රබලයෝ රැසක් පෝලිමට හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න එයි
04:28
Video thumbnail
තනියෙන් ආ හඳුන්නෙත්ති, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
02:05