නින්දා උපහාස උපේක්ෂාවෙන් දරාගන්න මට පුළුවන්

ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් තමාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව ඔහු කියනවා.

“මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එහෙත් මෙරට ජනතාවට කොවිඩ් හේතුවෙන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත් මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා” ජනාධිපතිවරයා පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18