යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේ දී අද (30) අලුයම සිදු වූ රිය අනතුරකින් පුදගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසූවේ දඹුල්ල ප්‍රදේශයේ සිට යාපනය දක්වා එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සැක පළ කරන අතර, අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
5
+1
+1













