නිධානයක් ගැන කියු තරුණයා දියඇල්ලෙන් වැටෙයි

බදුල්ල – හාලිඇල, රිලා ඇල්ලෙන් ඇද වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක සේවය කළ පුද්ගලියින් දෙදෙනෙකු ඊයේ (08) රාත්‍රී එම අනතුරින් මියගොස් ඇති බව වාර්තාකරු පැවසුවේය.

මියගොස් ඇත්තේ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවෙකු වන 26 හැවිරිදි අයෙකු සහ වීරකැටිය, හකුරුවෙල පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

මිතුරන් කිහිපදෙනෙක් එකතු වී මත්පැන් පානය කර ඇති අතර, එක් අයෙක් නිධානයක් ඇති ස්ථානයක් තමාට පෙන්නුම් කරන බව පවසමින් ගල්තලාව මත ට දිවගොස් තිබේ.

ඔහු ලිස්සා ගොස් දිය ඇල්ල ඇති ගල්තලාවෙන් පහතට වැටී ඇති අතර, ඔහුව බේරාගැනීමට ගිය අනෙක් පුද්ගලයා ද ඇදවැටී ඇත.

ඒ පිළිබඳ විස්තර කරන මියගිය පුද්ගලයින්ගේ මිතුරෙක්,

“එක පාරට නැති වුණ එක්කෙනා කිව්වා එයාට යම්කිසි වස්තුවක් පෙන්නනවා කියලා. ඒක ගන්න පුළුවන් කියලා තමයි කිව්වේ. අනිත් අයත් එයාගේ පස්සෙන් ගියා. ඒ ගිහින් තමයි ඇල්ලෙන් පල්ලට වැටුණේ. ආවේශයෙන් දුවගෙන ගියා එතකොට අනිත් එක්කෙනා එයාව අල්ලන්න ගියා. අල්ලනකොට දෙන්නම ලිස්සලා ගියා. කළුවලේ ගියේ.”

බදුල්ල මහරෝහලට රැගෙන එන විටත් දෙදෙනාම මියගොස් සිටි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09