spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධන් හෑරූ 17ක් අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 17 දෙනෙකු සමනලවැව රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී කැණීම් කරමින් සිටි මෙම පිරිස සමග කැණීම්වලට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බලංගොඩ, හපුතලේ, ඕපනායක, වැලිගෙපොල, බෙලිහුල්ඔය, වේවැල්වත්ත, වැලිමඩ, පින්නවල සහ කල්තොට යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස අවුරුදු 19ත් 66ත් අතර වයස්වල පසුවනවා.

ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?