නිධන් සොයා ළිඳක් හෑරූ 9ක් අත්අඩංගුවට

නිධානයක් සොයා ආසන්නයේ පොළොව යටට කැණීම් කළ නම දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ නිවසක් පිටුපස ළිඳක් හාරන මුවාවෙන් නිධන් සොයා පොළොව අභ්‍යන්තරයේ
කැණීම් කළ පුද්ගලයන් 9 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් මතයි කදුරුවෙල පොලිසිය සමග ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් අදාළ කැණිම් කටයුතු සඳහා භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ පිරිස අතර යකැදුරෙකු ලෙසට කටයුතු කළ අයෙක් ද වන බව සඳහන්.

ඔවුන් කැණීම් සිදු කළ නිවස පරික්ෂා කිරීමේදී ළිඳ ආසන්නයේ ඇති කාමරයක් තුළ පූජා භාණ්ඩ සහිතව මල් පහන් දල්වා දේව කන්නලව් කර ගැනීමට සකස් කළ ස්ථානය ද සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් සඳහන් කර තිබෙන්නේ පත්තිනි දෙවියන්ගේ ආභරණ සොයා එම කැණීම සිදු කර බවයි.

එක සැකකරුවෙකු අදාළ නිවසේ පදිංචි පුද්ගලයා වන අතර අනෙක් සැකකරුවන් බකමූණ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය පිළිබඳව කදුරුවෙල පොලිසිය මගින් රීක්ෂණ පවත්වන අතර සැකකරුවන් හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28