spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධන් සොයා ළිඳක් හෑරූ 9ක් අත්අඩංගුවට

නිධානයක් සොයා ආසන්නයේ පොළොව යටට කැණීම් කළ නම දෙනෙකු පොලිස් අත්අඩංගුවට

පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ නිවසක් පිටුපස ළිඳක් හාරන මුවාවෙන් නිධන් සොයා පොළොව අභ්‍යන්තරයේ
කැණීම් කළ පුද්ගලයන් 9 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් මතයි කදුරුවෙල පොලිසිය සමග ඒකාබද්ධව වැටලීම සිදු කර ඇත්තේ.

සැකකරුවන් අදාළ කැණිම් කටයුතු සඳහා භාවිතා කළ උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ පිරිස අතර යකැදුරෙකු ලෙසට කටයුතු කළ අයෙක් ද වන බව සඳහන්.

ඔවුන් කැණීම් සිදු කළ නිවස පරික්ෂා කිරීමේදී ළිඳ ආසන්නයේ ඇති කාමරයක් තුළ පූජා භාණ්ඩ සහිතව මල් පහන් දල්වා දේව කන්නලව් කර ගැනීමට සකස් කළ ස්ථානය ද සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් සඳහන් කර තිබෙන්නේ පත්තිනි දෙවියන්ගේ ආභරණ සොයා එම කැණීම සිදු කර බවයි.

එක සැකකරුවෙකු අදාළ නිවසේ පදිංචි පුද්ගලයා වන අතර අනෙක් සැකකරුවන් බකමූණ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය පිළිබඳව කදුරුවෙල පොලිසිය මගින් රීක්ෂණ පවත්වන අතර සැකකරුවන් හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?