නිධන් සොයා කැණීම් කළ හිමිනමක් ඇතුලු 10ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු සැකකරුවන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව සහ මහියංගණය ප්‍රදේශවල ඊයේ සිදු කළ වැටලීම්වලදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

කැබිතිගොල්ලෑව ලුණුඇටුලෑව ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරන බවට ලැබුණු තොරතුරකට අනුවය කළ වැටලීමකදී ස්වාමීන් වහන්සේ නමක් ඇතුලු තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට ගත් හිමිනම ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන අවුරුදු 25ක අයෙක්.

අවුරුදු 28 සහ 32 වයස්වල පසුවන අනෙක් සැකකරුවන් දෙදෙනා පනාමුර සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඊයේ දහවල් මහියංගණය මාපාකඩ ප්‍රදේශයේ පොලිසිය කළ වැටලීමකින් පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ එම වැටලීම සිදුකර ඇත්තේ.

කැණීම් උපකරණ සහ පූජ භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පන්නිපිටිය, හෝකන්දර, පාදුක්ක, මහියංගණය සහ නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 30ත් 49ත් අතර වයස්වල පසුවනවා.

සැකකරුවන් අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මහියංගණය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48