නිධන් සෙවූ හමුදා සාමාජිකයන් සහ භික්ෂුව රිමාන්ඩ්

කරදියනාරු ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් කැණීමේ නිරත වූ යුද හමුදා ලුතිනන් කර්නල්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් තිදෙනා සහ භික්ෂුව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

සැකකාර හමුදා සෙබළුන් වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන පිරිසක් බව සඳහන්.

වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය භාරදී තිබුණේ කරදියනාරු පොලිසිය වෙතටයි.

යුද හමුදාවට අයත් ජිප් රථයක් ද සැකකරුවන් සමග ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සලකුණු කරන ලද ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙන බව ද සඳහන්.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

කරදියනාරු පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48