නිධන් සෙවූ හමුදාවේ තුනක් සහ චීවරධාරියෙකු අත්අඩංගුවට

තොප්පිගල ප්‍රදේශයේ පුරාවිද්‍යා ප්‍රදේශයක ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් කැණීමේ නිරත වූ හමුදා සෙබළුන් තුන් දෙනෙකු සහ චීවරධාරියකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර හමුදා සෙබළුන් වැලිකන්ද ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරමින් සිටි පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

යුද හමුදාවට අයත් ජිප් රථයක් ද සැකකරුවන් සමග කරදියනාරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් සමඟ චීවරධාරියා හෙට එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් ස්කෑන් යන්ත්‍ර යොදා නිධන් සෙවූ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සලකුණු කරන ලද ස්ථානයක් බවට හඳුනාගෙන තිබෙන බව ද සඳහන්.

අත්අඩංගුවට ගෙන සිටින චීවරධාරියා රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් බව ද පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

වව්නතිව් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබෙන අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සමග අත්අඩංගුවටගත් ස්කෑන් යන්ත්‍ර සහ යුද හමුදා ජීප් රථය භාරදී ඇත්තේ කරදියනාරු පොලිසිය වෙතටයි.

කරදියනාරු පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26