spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදොස්කොට නිදහස් වූ ගුණතිලක ගැන මෙරටිනුත් තීරණයක් ගන්න සැරසෙයි (වීඩියෝ)

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජාතික ක්‍රීඩා සභාව සමඟ සාකච්ඡාකර ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.

ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
8
+1
4
+1
2
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?