නිදොස්කොට නිදහස් වූ ගුණතිලක ගැන මෙරටිනුත් තීරණයක් ගන්න සැරසෙයි (වීඩියෝ)

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජාතික ක්‍රීඩා සභාව සමඟ සාකච්ඡාකර ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

ඒ, ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්.

ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43