spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදි යහනේදී ම සැමියා බිරිඳව ඝාතනය කරලා

වැලිමඩ, ඩයරබා ප්‍රදේශයේ දී අද (19) අද අලුයම් කාලයේ දී සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී ආනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ බිරිඳ 35 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් වන අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය වැලිමඩ රෝහල වෙත යොමු කිරීමටයි නියමිතව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?