නිදාගත් ඇඳේ මෙට්ටය යටින් නයි පැටව් 30ක් හමු වූ හැටි

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තා වෙනවා.
නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිටීමයි.

ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා තිබෙනවා.

ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙකු ඇඳේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත්සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බලත්දී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක තිබෙනවා.

ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම්ට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.

එම නිවෙස දැඩි පරීක්ෂාවකට ලක් කළද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවද නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවද කැළුම් වැඩිදුරටත් සඳහන් කරනවා.

  1. මෙහෙමත් ඒවා දැන් කාලේ වෙනවද කියන එකයි පුදුමේ. කොහොමහරි ගෙදර කට්ටියම වාසනාවන්තයි. අනතුරක් නොවී බේරුණු එක ලොකු දෙයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15