spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස සමරන්න නිදහසක් නැති රටක් නිදහස් දින සැමරුම අවලංගු කරයි

1991 දී යුක්‍රේනය සෝවියට් සංගමයෙන් නිදහස ලැබීම සැමරීම වාර්ෂිකව සිදුවුණි. කෙසේ වෙතත් රුසියාවෙන් එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳ අවදානම හේතුවෙන් යුක්‍රේනය එරට නිදහස් දින මෙවර සැමරුම නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

හෙට (24) දිනය තුළ නිදහස් දින සැමරුම පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූණා.

රුසියාවෙන් අත්පත් කරගත් සහ යුක්‍රේන හමුදා විනාශ කළ රුසියානු යුද උපකරණ කියුව් අගනුවරදී ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙවර නිදහස් දින සැමරුම අවමානයකට ලක්කිරීම සඳහා රුසියාව විසින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට යුක්‍රේන ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබෙන පසුබිමක මෙවර නිදහස් දින මෙවර සැමරුම නොපැවැත්වීමට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?