නිදහස දා උතුරේ තැන තැන එසවුණු කළුකොඩි – විරෝධතාකරුවනුත් පාරට

සිය අතුරුදන් වූ ඥාතීන් නොමැතිව හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැති ව කිසිදු නිදහසක් නැති බව පවසමින් උතුරු පළාතේ තැනින් තැන කළු කොඩි ඔසවමින් දැවැන්ත විරෝධතා සංවිධානය වී තිබෙනවා.

අද (04) දිනට යෙදී ඇති 77 වැනි නිදහස් දින සැමරුමට විරුද්ධ ව සහ පවතින පාලනයට එරෙහිවයි මෙලෙස උද්ඝෝෂකයින් විරෝධතා පවත්වන්නේ.

අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන එක් ව කිලිනොච්චිය නගරයේ කළුකොඩි ඔසවා, කළුපටි පැළඳගෙන මෙම විරෝධතාවට එක් ව සිටියා.

යාපනය විශ්වවිද්‍යාලයේ දී ද කළුකොඩි ඔසවා, කළුපටි පැළඳගෙන ශිෂ්‍යයින් තවත් විරෝධතාවක් මීට සහාය පළ කිරීමට පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

යුද්ධය නිමා වී වසර 16 ක් ගත වුව ද මෙතෙක් තමන්ට කිසිදු සාධාරණයක් සිදු ව නොමැති බවයි.

විරෝධතාව වෙනුවෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14