spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් සැමරුම නිසා හෙට සහ අනිද්දා මාර්ග කිහිපයක් වැසේ

ජාතික නිදහස් සැමරුම සහ පෙර පුහුණු හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ රථ වාහන සැලැස්මට අමතරවයි හෙට සහ අනිද්දා මෙම මාර්ග වසා තැබෙන්නේ.

ඒ අනුව හෙට (03) දහවල් 2 සිට 4 වනදා නිදහස් උත්සවය අවසන් වන තෙක් ගාලු පාර බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තැබෙනවා.

එමෙන්ම හෙට සවස 6 සිට නිදහස් උත්සවය පැවැත්වෙන 4 වනදා උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රිය පොල හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස මෙලෙස වසා තැබෙනු ඇති.

මාර්ග වසා තැබෙන ප්‍රදේශයේ පදිංචි ජනතාවට ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීමට බාධාවක් නොවන පරිදි මෙම මාර්ගවල රථ වාහන ගමනාගමනය සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.

නිදහස් දින උත්සවය අවසන් වීමත් සමග රථ වාහන ගමනාගමනය සඳහා මාර්ග විවෘත කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා.

Police Traffic
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?