නිදහස් සැමරුම නිසා හෙට සහ අනිද්දා මාර්ග කිහිපයක් වැසේ

ජාතික නිදහස් සැමරුම සහ පෙර පුහුණු හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

උත්සවය හේතුවෙන් කොළඹ නගරයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම මාර්ග වසා තැබීම හා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ රථ වාහන සැලැස්මට අමතරවයි හෙට සහ අනිද්දා මෙම මාර්ග වසා තැබෙන්නේ.

ඒ අනුව හෙට (03) දහවල් 2 සිට 4 වනදා නිදහස් උත්සවය අවසන් වන තෙක් ගාලු පාර බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තැබෙනවා.

එමෙන්ම හෙට සවස 6 සිට නිදහස් උත්සවය පැවැත්වෙන 4 වනදා උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රිය පොල හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස මෙලෙස වසා තැබෙනු ඇති.

මාර්ග වසා තැබෙන ප්‍රදේශයේ පදිංචි ජනතාවට ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීමට බාධාවක් නොවන පරිදි මෙම මාර්ගවල රථ වාහන ගමනාගමනය සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.

නිදහස් දින උත්සවය අවසන් වීමත් සමග රථ වාහන ගමනාගමනය සඳහා මාර්ග විවෘත කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා.

Police Traffic


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14