නිදහස් සැමරුමට විරෝධය පා හිරුණිකා ගාලුමුවදොර විරෝධතාවක

අධික වියදමක් දරමින් රජය විසින් සංවිධානය කරන 75 වැනි නිදහස් දින සැමරුමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (23) සිය විරෝධය පළ කළා.

එහිදී රුපියල් මිලියන 200ක් වියදමක් දරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට ඇය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගාලුමුවදොරට පැමිණියා.

එහි පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ගාලුමුවදොර පිටිය අසළ දී නිදහස් සැමරුම වෙනුවෙන් ඉදිවෙන ඉදිකිරීම්වල කළු පටි බැඳ විරෝධය පළ කර සිටියා.

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කාලයක, පාසල් සිසුන්ට අවශ්‍ය පෙළපොත් වැනි වියදම් කිහිපයක්ම පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිය දී මෙවැනි සැමරුම් සිදුකරන බවයි ඇය පෙන්වා දුන්නේ.

එහිදී විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර, පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විරෝධතාකරුවන් පිරිස මාර්ගයේ අනෙක් පසට ගොස් විරෝධතාවය පළ කළ ආකාරය දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56