spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් සැමරුමට විරෝධය පා හිරුණිකා ගාලුමුවදොර විරෝධතාවක

අධික වියදමක් දරමින් රජය විසින් සංවිධානය කරන 75 වැනි නිදහස් දින සැමරුමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද (23) සිය විරෝධය පළ කළා.

එහිදී රුපියල් මිලියන 200ක් වියදමක් දරමින් නිදහස් උත්සවය පැවැත්වීමට සූදානම්වන ආකාරය සොයා බැලීමට ඇය ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගාලුමුවදොරට පැමිණියා.

එහි පැමිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ගාලුමුවදොර පිටිය අසළ දී නිදහස් සැමරුම වෙනුවෙන් ඉදිවෙන ඉදිකිරීම්වල කළු පටි බැඳ විරෝධය පළ කර සිටියා.

රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කාලයක, පාසල් සිසුන්ට අවශ්‍ය පෙළපොත් වැනි වියදම් කිහිපයක්ම පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිය දී මෙවැනි සැමරුම් සිදුකරන බවයි ඇය පෙන්වා දුන්නේ.

එහිදී විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් අතර, පොලීසියේ බාධා කිරීම් හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විරෝධතාකරුවන් පිරිස මාර්ගයේ අනෙක් පසට ගොස් විරෝධතාවය පළ කළ ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?