නිදහස් පක්ෂ මුලස්ථානය තහනම් කළ හේතුව පොලිසිය හෙළිකරයි (වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව පවසනවා.

මරදාන පොලිසියට එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ තිබූ ලිපි ගොනු අස්ථානගත වීමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ලැබී ඇති අතර ඒ සම්බන්ධව විමර්ශන සිදුකිරීම සදහා පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත්ත කර දෙන ලෙස අදාළ පාර්ශවයන්ට මේ වනවිට දැනුම් දී ඇති බවද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් අදාළ පාර්ශව යතුරු ලබා දීමක් සිදු නොකළහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව අවධානය යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30