spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂ මුලස්ථානය තහනම් කළ හේතුව පොලිසිය හෙළිකරයි (වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පොලිසිය විසින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව පවසනවා.

මරදාන පොලිසියට එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ තිබූ ලිපි ගොනු අස්ථානගත වීමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ලැබී ඇති අතර ඒ සම්බන්ධව විමර්ශන සිදුකිරීම සදහා පක්ෂ මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත්ත කර දෙන ලෙස අදාළ පාර්ශවයන්ට මේ වනවිට දැනුම් දී ඇති බවද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් අදාළ පාර්ශව යතුරු ලබා දීමක් සිදු නොකළහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව අවධානය යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?