spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂයේ සභාපති ධූරයට පොරයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මේවන විට මරදාන ඩාලි පරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට රැස්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් මෙලෙස රැස් වී ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පක්ෂයට ඉතා කඩිනමින් වැඩ බලන සභාපතිවරයෙකු පත්කර ගත යුතු බවත්, ඒ සඳහා මෙය හොඳම අවස්ථාව ද වන බවයි.

කෙසේ නමුත් මේ මොහොත වනවිට ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට හිතවත් පිරිසක් ද එක් රැස් වී ඇති බව වාර්තාවනවා .

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යොමුකළ පැමිණිල්ලකට අදාළව මෛත්‍රීපාල සිරිසේනට එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?