නිදහස් පක්ෂයේ මුල් පුටු දෙකට නොතීසි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකට අද (13) කොළඹ දිසා අධිකරණය නොතීසි නිකුත් කළා.

ඒ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වනදා කරුණු දක්වන ලෙස දන්වමින්.

පක්ෂය තුළ තමා දරණ තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.