නිදහස් අධ්‍යාපනයෙන් ඇති වූ විප්ලවීය වෙනස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් යළිත් රැගෙන ආ යුතුයි – අගමැතිනි

නිදහස් අධ්‍යාපනය නිසා ඇතිවුණු විප්ලවීය වෙනස පිළිබඳ එවක ලෝකය පුරා කතා බහට ලක් වූ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් නැවත වතාවක් එම ගෞරවය සහ අභිමානය ශ්‍රී ලංකාවට අත්කර දීමට අපි සියලු දෙනා පුරවැසියන් වශයෙන් කටයුතු කළ යුතු බැව් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යෘපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (30) දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

රුපියල් මිලියන 478ක් වියදම් කරමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල තට්ටු 06කින් සමන්විත වන අතර රජයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීමට සහ වෙනත් එවැනි විභාග පැවැත්වීම සඳහා ශාලා පහසුකම්, නවීනතම තාක්ෂණික සහ ශ්‍රවණ උපකරණ සහිත එකවර ශ්‍රාවකයින් 175කට පමණ පහසුකම් සැලසිය හැකි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, ශබ්ද පරිපාලනය කරන ලද අංග සම්පූර්ණ බහු කාර්ය ශබ්දාගාරයක් (විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විභාග කටයුතු, ශබ්දාගාර කටයුතු, පටිගතකිරීම් ආදිය සහිත) සම්පත් පුද්ගලයින් සඳහා නේවාසිකාගාර පහසුකම්, පොදු සන්නිවේදන ජාලයක්, අන්තර්ජාල විභාග පැවැත්වීම සඳහා වන පහසුකම් සහිත කාමර, විභාග රහස්‍ය කටයුතු සඳහා පහසුකම් සහිත කාමර සහ CCTV කැමරා පද්ධතිය ඇතුළු පහසුකම් රැසකින් ද සමන්විත වනවා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

මේ අවස්ථාවේ දී විශේෂ ස්තූතියක් කරන්නට මම මුලින් ම කැමතියි. ඒ තමයි අමිත් ජයසුන්දර විභාග කොමසාරිස් ජෙනරාල්තුමාට. එතුමා විශ්‍රාම ගිය පසුවත් අපේ ඉල්ලීම මත නැවත සේවය ලබාදීමට කටයුතු කළා. පසුගිය උසස් පෙළ විභාගය පැවැත්වීම සහ එහි ප්‍රතිඵල නිකුත් කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු වුණා. ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ම ස්තූතිවන්ත වෙනවා. වැදගත් ම දේ ආයතනයක දැක්ම.2026 ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කුළුණු 05න් එක් කුළුණක් තමයි ඇගයීම් ක්‍රමය. අධ්‍යාපන ක්‍රමයේ විශ්වසනීයත්වය රැකගන්නා ප්‍රධානත ම කරුණ තමයි ඇගයීම් ක්‍රමය. පවතින විභාග ක්‍රමය පවත්වාගෙන යන අතරතුර ම නව්‍ය වෙනස්කම්වලට අදාළ ක්‍රියාමාර්ග සඳහා සූදානම් විය යුතු යි. යටිතල පහසුකම්වලින් පමණක් නොවෙයි ලෝකයේ ඇගැයීම් ක්‍රමවේදයන් සහ නව ඇගැයීම් ක්‍රමවේදයන් අධ්‍යයනය කළ යුතු යි. ඒවා අපේ පද්ධතියට ඇතුළත් කරගත යුතු යි. ඇගැයීම් සම්බන්ධ ලෝක මට්ටමේ සම්මන්ත්‍රණවලට සහභාගී වීම, ඒවා අධ්‍යයනය සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිඵල අධ්‍යයනය මඟින් අපේ ක්‍රමවේදයන් අලුත් මඟට අවතීර්ණ කරන්නට අපට පුළුවන්. එතුළින් ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රමයක් බිහි කරන්නට අපට පුළුවන්..” යනුවෙන් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාාචාර්ය මංජුලා විදානපතිරණ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් සුභාෂිණී දෙමටගොඩ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා, හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරුන්, අමාත්‍යාංශ සහ විභාග දෙපර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මීට එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39