නිකන් දෙන ෂොපින් බෑග් එකටත් ගාස්තුවක් ගන්න සූදානමක්

වෙළඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වුණා.

මෙම රැස්වීම සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගීව සිටියා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 ඔක්තෝබර් මස 17 දිනැතිව පරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරන ලද විධාන අංක 26 මඟින් පනවා ඇති පරිදි “කිසියම් වෙළෙන්දෙකු විසින් භාණ්ඩ විකුණන අවස්ථාවේදී නිකුත් කරනු ලබන කුමන වර්ගයේ හෝ බහාලුම් මළු, එතුම් සඳහා පාරිභෝගිකයන්ගෙන් කෙළින්ම හෝ අන්‍ය ආකාරයකින් කිසිඳු මුදලක් අයකර ගැනීම නොකළ යුතු බවට” නියම කර නිකුත් කර තිබු ගැසට් නිවේදන බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 මාර්තු මස 28 දිනැතිව ලබා දුන් තීන්දුවෙ හි පිටපතක් ලැබෙන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට නොහැකි වී ඇති බව මෙහි දී අනාවරණය වුණා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මාධ්‍ය මඟින් ප්‍රකාශ පත් කළ ද මෙහි බලපෑම සමාජයට දැනීමට යම් කාල සීමාවක් ගතවන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු නිසි ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ගේ පෙර සූදානම පිළිබඳව විමසීම සඳහා මෙදින රැස්වීම කැඳවා තිබුණා.

ලබා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි ෂොපින් බෑග්වලින් මුදල් අයකර ගැනීම නිෂ්පාදකයාගෙන් අයකර ගන්නේ ද නැතහොත් පාරිභෝගිකයාගෙන් අයකර ගන්නේ ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බව කාරක සභාවේ දී ප්‍රකාශ වුණා.

ලෝකයේ වෙනත් රටවල වෙළඳසැල් මඟින් නිකුත් කරනු ලබන ද්විතීක ඇසුරුම් සඳහා පමණක් පාරිභෝගිකයාගෙන් මුදල් අයකරන බවත් නිෂ්පාදකයාගෙන් ඇසුරුම් සඳහා මුදල් අයකර ගතහොත් ප්‍රාථමික ඇසුරුම් සඳහා ද මුදලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවන බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නා.

ඒ, අනුව නිෂ්පාදකයා මත අධිභාරයක් පැනවීම අවශ්‍ය නොවන බවත් පෙර වෙළඳසැල් මඟින් නොමිලේ ලබාදුන් ෂොපින් බෑග් මත යම් මුදලක් අය කිරීමෙන් පාරිභෝගිකයා ෂොපින් බෑග් මිලදී ගෙන භාවිත කිරීමෙන් වැළකී භාණ්ඩ මිලදී ගැනීමට තම නිවසින් බෑගයක් ගෙන යාමේ පුරුද්දක් ඇති කිරීම මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබා දී ඇති තීන්දුව
ඔස්සේ ඇති කළ යුතු සමාජ බලපෑම බවත් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළා.

මෙහි දී කාරක සභාව වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ වෙනත් රටවල් පාරිභෝගිකයාට නිකුත් කරනු ලබන ද්විතික ඇසුරුම් මත අයකරනු ලබන මුදල් පරිසරය ආරක්ෂා කිරීමේ රජයේ අරමුදලකට බැර කරන බවත්, සුපිරි වෙළඳසැල් පමණක් එම අරමුදලේ ලියාපදිංචි කර ඇති අතර කුඩා පරිමාණයේ වෙළඳසැල් සඳහා එය අදාළ නොවන බවයි.

තවද ලෝකයේ මෙම ක්‍රමවේදය අනුගමනය කරනුයේ පාරිභෝගිකයාගේ මනසට පණිවිඩයක්දීමට බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඵලදායී ලෙස මෙරට තුළ ක්‍රියාත්මක කිරීමෙන් සමාජය තුළ ෂොපින් බෑග් භාවිතය සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇති කළ හැකි බවත් කාරක සභාවේ අදහස වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22